.webp)
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායමක් විසිනි.
පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, අදාළ කාන්තාව දුරකතන ඇමතුමක් ලබාදී තරුණයා මිදිගම ප්‍රදේශයට ගෙන්වා ගෙන ඝාතනය සිදු කර ඇති බවයි.
ඝාතනය කෙරුණු තරුණයා අදාළ කාන්තාවත් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබේ.
මහරගම ප්‍රදේශයේ සැඟව සිටියදි හෙරෝයින් ගෑම් 15 ක් සමග එම කාන්තාව අත්අඩංගුවට ගෙන මාතර තිහගොඩ පොලිසියට භාර දුන් බව පොලිසිය පැවසී ය.
පසුගිය 11 වැනිදා එලෙස ඝාතනයට ලක්වුණේ වයස අවුරුදු 24 ක තරුණයෙකි.