මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කර්තෘ Staff writer

20 Jan, 2023 | 10:34 am

COLOMBO ( News 1st ) – මුජිබුර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරයෙන්  ඉල්ලා අස්විය. 

ඒ , කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගය යටතේ තරග කිරීම සඳහායි.

මේ අතර පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, මුජිබර් රහුමාන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායන මහතා වෙත භාර දුන් බවයි.

මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇති බව ද පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාපතිවරයාට දන්වා තිබේ.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]