මැතිවරණ වියදම් නියාමන පනත පුංචි ඡන්දෙ තියන්න බාධාවක් නොවෙයි – මැතිවරණ කොමිසම

මැතිවරණ වියදම් නියාමන පනත පුංචි ඡන්දෙ තියන්න බාධාවක් නොවෙයි – මැතිවරණ කොමිසම

මැතිවරණ වියදම් නියාමන පනත පුංචි ඡන්දෙ තියන්න බාධාවක් නොවෙයි – මැතිවරණ කොමිසම

කර්තෘ Staff writer

20 Jan, 2023 | 6:43 am

COLOMBO ( News 1st ) – මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් ,සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පනත සම්මත වීමත් සමග මැතිවරණ වියදම් නියාමනය සඳහා නව රෙගුලාසි සම්පාදනය කළ යුතු බව ය.

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (19)පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය. 

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]