කොළඹ සිට අධ්‍යාපන චාරිකාවක් ගිය පාසල් දරුවන් රැගත් බස් රථයක් නුවරඑළියේදී ප්‍රපාතයකට පෙරළෙයි

කොළඹ සිට අධ්‍යාපන චාරිකාවක් ගිය පාසල් දරුවන් රැගත් බස් රථයක් නුවරඑළියේදී ප්‍රපාතයකට පෙරළෙයි

කොළඹ සිට අධ්‍යාපන චාරිකාවක් ගිය පාසල් දරුවන් රැගත් බස් රථයක් නුවරඑළියේදී ප්‍රපාතයකට පෙරළෙයි

කර්තෘ Staff writer

20 Jan, 2023 | 7:56 pm

 

Update : බස් රථ අනතුරෙන් පාසල් සිසුන් 41 දෙනෙකු රෝහල්ගත කර තිබුණත් ඔවුන්ට ජීවිත අවදානමක් නැහැ. මියගොස් ඇත්තේ,බස් රථයේ ගැටුණු වෑන් රථයේ හා ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයින් 7 දෙනෙක්. – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

https://www.youtube.com/live/JvFLLu1OAo0?feature=share  

Update : නුවරඑළිය රදැල්ලේදී සිදූ වු බස් රථ අනතුරින් 07 දෙනෙකු මියගොස් තිබේ.

නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, 30 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි. =======================================================================================================

COLOMBO (News 1st) – කොළඹ සිට අධ්‍යාපන චාරිකාවක ගිය කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් දරුවන් පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළිය රඳැල්ල කෙටි මාර්ගයේදී ප්‍රපාතයකට පෙරළී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසන්නේ, වෑන් රථයක ගැටීමෙන් පසුව බස් රථය ප්‍රපාතයට පෙරළී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පිරිස් මේ වනවිට නුවරඑළිය රෝහලට ඇතුළත් කරමින් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]