මැ.කො. සාමාජිකයින්ගේ ආරක්ෂාවට පියවර

තර්ජන එල්ල වී ඇති මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන්

by Staff writer 19-01-2023 | 8:25 PM

COLOMBO ( News 1st ) - මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් යෙදවීමට ක්‍රියාකර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙසේ අවි සහිත නිලධාරීන් සේවයේ යෙදවීමට තීරණය කර ඇත්තේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තර්ජන එල්ල වීම හේතුවෙනි.