.webp)
නිව්ස්ෆස්ට් මෙම සිද්ධිය වාර්තා කරන්නේ, තරුණ ප්‍රශ්න දෙස මීට වඩා අවධානයෙන් බැලීමේ අවශ්‍යතාවද අවධාරණය කරමිනි.
අපරාධ,සිය දිවි නසා ගැනීම් කිසි ලෙසකින් අනුමත කළ නොහැකි ය.
එහෙත් මෙම සිදුවීම අප වාර්තා කරන්නේ, යළි මෙවන් තත්ත්වයන් ඇති නොවිය යුතු නිසාය.
ගලේවෙල, ආදාවල ප්‍රදේශයේ පිහිටි කුඩා නිවෙසක් තුළ තිබී අද ( 19 ) උදෑසන තරුණයෙකු සහ බාලවයස්කාර දැරියකගේ සිරුරු සොයා ගැනුණි.
මූලික පොලිස් විමර්ශනවලින් හෙළිවූ ආකාරයට මෙම මරණ සිදුව තිබුණේ, ගෙල වැලලා ගැනීමෙනි.
එවැනි තත්ත්වයක් ඇතිවුනේ කෙසේද?
මියගොස් සිටි 20 හැවිරිදි තරුණයා හා 14 හැවිරිදි බාලවයස්කාර දැරිය අතර තිබූ බව කියන ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන තරුණයා මීට සතියකට පමණ පෙර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ ඔවුන් දෙදෙනා නිවෙස්වලින් පලාගොස් සිටියදී ය.
අත්අඩංගුවට ගත් තරුණයා අධිකරණයට ඉදිරිපත් කර පසුව ඇප මත මුදාහැර සිටි අතර බල වයස්කාර දැරිය දෙමව්පියන් භාරයට පත්කර තිබුණේ, පරිවාස අධීක්ෂණය යටතේ ය.
නමුත් පසුව යළිත් මොවුන් දෙදෙනා නිවෙස්වලින් පලාවිත් මෙම නිවසේ වාසය කර තිබේ.
දෙදෙනාගේ සිරුරු අද (19) සොයා ගැනුනේ මේ අතරතුර දීය.
මෙය සිය දිවි නසා ගැනීමක්ද? නැත්නම් අපරාධයක්ද?
ඒ ගැන හරියට තීරණය කරන්න වෙන්නේ පරීක්ෂණයකින් පස්සේ.
නමුත් ප්‍රශ්නය වටිනා තරුණ ජීවිත මෙවැනි තත්ත්වයකට පත්වන්නේ ඇයි?
පසුගිය අඟහරුවාදා ජනාකීර්ණ කොළඹ නගරයේ දී සිය පෙම්වතියගේ ගෙල කපා පලාගිය පෙම්වතා පොලීසියට පවසා තිබුණේ, ඇය තමන් හැරයාමට උත්සාහ කිරීම දරාගත නොහැකිව මෙම අපරාධය කළ බව ය.
දින තුනක් ඇතුළත වටිනා ජීවිත 4 ක්...
තවත් මෙවැනි ඛේදවාචක සිදුනොවීමට වහා පියවරක් ගත යුතු නොවේ ද?