.webp)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාල සීමාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකාබද්ධ ලේකම් පූනීත් අග්ග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර්, නියෝජ්‍ය ලේකම්වරුන් වන නීදි චවුද්ද්‍රි සහ රගූ පූරී යන අයද මෙම නිල සංචාරයට සහභාගී වන බව මීට පෙර නිවේදනය කර තිබිණ.