ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙති

ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙති

කර්තෘ Staff writer

19 Jan, 2023 | 11:36 am

COLOMBO (News 1st) – ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා දේවි වන්නිආරච්චි නව අමාත්‍යවරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා දිවුරුම් දුන්නේ ය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ, පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි.

මෙම අමාත්‍ය ධුරය කලින් දැරු මහින්ද අමරවීර මහතා අද උදෑසන ඉන් ඉවත් වුණේ ජනාධිපතිවරයාට නව අමාත්‍යවරයෙකු පත් කර ගැනීමට ඉඩ සලසමිනි.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]