English
தமிழ்
කර්තෘ Staff writer
19 Jan, 2023 | 3:00 pm
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, පෙබරවාරි 7 වනදා වනවිට සිය ධුර කාලය අවසන් වනු ඇති බවත් ඉන් අතරුව තවදුරටත් රැඳී නොසිටින බවයි.
අග්‍රාමාත්‍යවරිය පවසන්නේ, තවදුරටත් අග්‍රාමාත්‍යධූරය දැරිය නොහැකි බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, රටකට නායකත්වය දීම ඕනෑම කෙනෙකුට කළ හැකි වරප්‍රසාද රැසක් ලැබෙන ධුරයක් වුවත් එය අභියෝග රැසකින් සමන්විත වන බවයි.
එම අභියෝගවලට මුහුණ දීමට තමන්ට හැකියාවක් නොමැති නම් ඉන් ඉවත්ව රටවැසියන් ගැන සිතා සුදුස්සන්ට අවස්ථාව ලබා දිය යුතු බව ද ඇය පවසන්නී ය.
''සාමකාමී කාලයක් හරහා රටකට නායකත්වය දීම එකක්…නමුත් අර්බුද හරහා රටකට නායකත්වයදීම තවත් දෙයක්''
2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූ 37 හැවිරිදි අර්ඩර්න් මහත්මිය වාර්තා අතරට එක්වූයේ, ලොව ලාබාලතම කාන්තා රාජ්‍ය නායිකාව ලෙසයි.
අභියෝගාත්මක වසර හයක කාලයක් ඇය විසින් අග්‍රාමාත්‍යධූරය හෙබවීය.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වී වසරකට පසු දරුවකු ප්‍රසූත කළ ඇය යළිත් වාර්තා අතරට එක්වූයේ, රාජ්‍ය නායිකාවකව සිටියදී දරුවකු ප්‍රසූත කළ ලොව දෙවන රාජ්‍ය නායිකාව ලෙසයි.
මෑත කාලීනව නවසීලන්තයේ සිදු වූ සුවිශේෂි සිදුවීම්වලදී අර්ඩන් මුළු ලෝකයේම අවධානය දිනා ගත් අතර නවසීලතය තුළ කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනයට ගත් පියවර බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.
26 Sep, 2023 | 06:18 AM
20 Sep, 2023 | 05:44 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS