BREAKING : විපක්ෂයේ විරෝධය මැද මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවට

BREAKING : විපක්ෂයේ විරෝධය මැද මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවට

කර්තෘ Staff writer

18 Jan, 2023 | 4:03 pm

COLOMBO (News 1st) – මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත හෙට (19) දිනයේ විවාදයට ගැනීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.  

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මක් කිරිඇල්ල මහතා සඳහන් කළේ, විපක්ෂයේ විරෝධය මැද අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදි මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කළ බවයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීම පැවැත්වීමට පෙර මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් හා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණ. 

ඒ සඳහා සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , දමිල ජාතික සන්ධානය , නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රිවරු සහභාගි නොවූහ. 

ඒ , ආණ්ඩුව මේ තුළින් මැතිවරණය කල් දැමීමට උත්සහ කරන බවට චෝදනා කරමිනි. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]