.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙර පාසලකට හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවයි.
මියගිය පිරිස අතරට පෙර පාසලේ රැඳී සිටි කුඩා ළමුන් දෙදෙනෙකු ද ඇතුළත් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ දී හෙලිකොප්ටර් යානයේ 09 දෙනෙකු රැඳී සිට තිබේ.
තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ.
ප්‍රදේශයේ පැවති අධික මිදුම් තත්ත්වය හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇතැයි යුක්රේන බලධාරීන් පෙන්වා දී තිබේ.