වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි..

වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි..

by Staff writer 18-01-2023 | 2:45 PM

COLOMBO ( News 1st )  -  වියට්නාම ජනපති නුයෙන් ෂුආන් ෆුක් ඉල්ලා අස් වී තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉහළ පෙළේ දූෂණ වංචා රැසක් පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී තිබූ බවයි. 

මෙම වංචා දූෂණ පිළිබඳව අදහස් දැක්වීමට එරට කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කර තිබූ  මධ්‍යම කාරක සභා සැසියේ දී ඔහු එලෙස ඉල්ලා අස්වී ඇති අතර 68 හැවිරිදි ෆුක් 1979 දී පළාත් මට්ටමින් දේශපාලනයට පිවිස 2016 සිට 2021 වසර දක්වා වියට්නාමයේ අගමැති ධුරය දැරූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

2021 අප්‍රේල් මාසයේ දී ඔහු එරට ජාතික සභාව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගනු ලැබීය.