පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

by Staff writer 18-01-2023 | 6:28 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (18) ආරම්භ වේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා සියලු උපදෙස් ලබා දී ඇති බවයි.

ලබන 21 වැනි දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.