English
தமிழ்
කර්තෘ Staff writer
18 Jan, 2023 | 10:24 am
COLOMBO (News 1st) – අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවැනි කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, මේ ක්‍රියාත්මක වන්නේ, ජනතාවගේ හඬට සවන් නොදී බලහත්කාරයෙන් අණපනත් නීතී ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක් බවයි.
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීම සඳහා ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ කැඳවා ඇති විශේෂ පක්ෂ නායක රැස්වීම පිළිබඳ ප්‍රශ්න කරමින් විපක්ෂ නායකවරයා විමසා සිටියේ, විධායකට මෙලෙස ව්‍යවස්ථාදායකයේ කටයුතු සඳහා මැදිහත්වීමේ හැකියාවක් පවතී ද යන්නයි.
''විධායකයට මේ විදිහට ව්‍යවස්ථාදායකයේ ක්‍රියාවලියට ඇඟිලිගන්න පුළුවන් ද?''
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇත්තේ, අද පස්වරුවේ පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්විම අවලංගු කරමිනි.
කුමන්ත්‍රණයෙන් හවුල්කරුවෙකු නොවන ලෙස මෙහිදී විපක්ෂ නායකවරයා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේ ය.
31 May, 2023 | 01:19 PM
31 May, 2023 | 06:37 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS