සේපාල් අමරසිංහ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

සේපාල් අමරසිංහ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

by Staff Writer . 17-01-2023 | 3:30 PM

COLOMBO (News 1st) - ශ්‍රී දළඳා වහන්සේට හා බෞද්ධ ධර්මයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සේපාල් අමරසිංහ ලබන ජනවාරි 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේ ය. 

එම සැකකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතට ගැනෙනා බැවින් ඔහුට ඇප ලබා දීමේ බලයක් අධිකරණයට නොමැති බව පෙන්වා දෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.