ඝාතනය: සැකපිට සරසවි සිසුවෙක් අත්අඩංගුවට..

සරසවි සිසුවියගේ ඝාතනයට සැකපිට සරසවි සිසුවෙක් අත්අඩංගුවට..

by Staff writer 17-01-2023 | 4:45 PM

COLOMBO (News 1st) - කොළඹ තුරග තරග පිටිය ආසන්නයේදී ගෙල කපා විශ්වවිද්‍යාල සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුවෙක්  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකාර ශිෂ්‍යයා වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අද දහවල්  12.00ට පමණ එලෙස ඝාතනය කර තිබුණේ, හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

ඝාතනයට ලක්ව ඇත්තේ  සිසුවියකි. 

විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් ඇය ඝාතනය කරන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරයි.