ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ

තුරග තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ

by Staff writer 17-01-2023 | 1:51 PM

COLOMBO (News 1st) - කුරුඳුවත්ත තුරග තරග පිටියේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කර තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,  මියගිය තරුණිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවියකි. 

අද දහවල් 12 .00ට පමණ පහරදී ඇය ඝාතනය කර ඇත.

විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් ඇය ඝාතනය කරන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරයි.