ඉන්දියාවෙන් බිත්තර ගෙන්න තවමත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අවසර නැහැ

ඉන්දියාවෙන් බිත්තර ගෙන්න තවමත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අවසර නැහැ

ඉන්දියාවෙන් බිත්තර ගෙන්න තවමත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අවසර නැහැ

කර්තෘ Staff writer

17 Jan, 2023 | 6:41 am

COLOMBO (News 1st) – බිත්තර ආනයනයට අදාළ සෞඛ්‍ය නිර්දේශ මෙතෙක් ලැබී නොමැති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, එම තත්ත්වය තුළ ඉදිරි උත්සව සමයේ බිත්තර සැපයීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල විය හැකි බවය.

ඉන්දියාවෙන් බිත්තර ආනයනයට මේ වනවිට සැලසුම් කර ඇති නමුත් තවදුරටත් එය ප්‍රමාද වෙමින් ඇත්තේ, සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ නොමැතිකමිනි.

සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී පැවසුවේ, ඉන්දියාව ආශ්‍රිතව කුරුළු උණ ව්‍යාප්ත වෙමින් පැවතීම හමුවේ බිත්තර ආනයනයට අවශ්‍ය අවසර දිය නොහැකි බවයි.

කෙසේ වෙතත්, වාණිජ නීතිගත සංස්ථාව මේ වනවිට අදාළ අවසරය ඉල්ලා එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය වාර්තා යොමු කර ඇතැත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැත.

එම තත්ත්වය තුළ තවදුරටත් බිත්තර ආනයනය කරනවා ද නැද්ද යන්න තීරණයකට එලැඹීමට නොහැකි වී තිබේ.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසන්නේ, ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළහොත්, රුපියල් 40 ක මිලකට සිල්ලර වෙළඳපොළේ බිත්තරයක් අලෙවි කළ හැකි බවයි.

එම තත්ත්වය තුළ දැනට වෙළෙඳපොළේ පවතින බිත්තර ගැටලුවට කඩිනම් විසඳුම් ලැබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]