අන්තරේ කැඳවුම්කරුට නිදහස ඉල්ලා විරෝධතාවක්

විරෝධතාවේ නිරත පිරිසට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොර පිටියට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

by Staff writer 16-01-2023 | 3:39 PM

COLOMBO ( News 1st ) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දී විරෝධතාවක් ආරම්භ කළේ ය. 

අප වාර්තාකරුවන් පවවසන්නේ, මේ වනවිට පිරිස පා ගමනක් ආරම්භ කර ඇති බවයි.

දින 150 කට අධික කාලයක් රඳවාගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විදුලි ගාස්තු සහ ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන්ගේ ඉල්ලීම් අතරට අයත් ය .

මේ අතර, විරෝධතාවේ නිරත පිරිසට යූනියන් පෙදෙස හරහා ගාලු මුවදොර පිටියට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි.