.webp)

එහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ ඉන් මතුවන කරුණු ගණනාවක් පිළිබඳව ඒ මහතා කරුණූ මතුකර තිබේ.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය තරම් පීඩාවට පත් සිදුවීමක් තම ජීවිතයේ නැති බවත් ඒ සමග උද්ගතවූ සමාජ ආර්ථික දේශපාලනික හා නෛතික ප්‍රතිඵල හේතුවෙන් තවදුරටත් කම්පනයට පත්වෙමින් සිටින බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයේ දක්වා තිබේ.
එහි තවදුරටත් දැක්වෙන්නේ මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් ආරක්ෂක අමාත්‍යවරයාගේ හා විධායක ජනාධිපතිවරයාගේ වගකීම් වඩ වඩාත් පැහැදිලි කරදීම අගය කරන බව ය.
මෙම නඩු තීන්දුව අනාගත අමාත්‍යවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ නියාමන කාර්යයන් හා විධායක බලතල සම්බන්ධයෙන් වඩාත් හොඳ ස්ථාවරයක් ගොඩනගන බවට සැකයන් නැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
