නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි..

නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි..

by Staff writer 16-01-2023 | 8:08 AM

COLOMBO ( News 1st ) - නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි..

නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ දශක තුනක පමණ කාලයක් තුළ එරට සිදු වූ දරුණුතම ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් සිහිපත් කරමිනි.

නේපාල අග්‍රාමාත්‍ය, පුෂ්පා කමල් දාල් ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

කත්මණ්ඩු නුවර සිට පොකාරා බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් අනතුරට ලක් වුණේ ඊයේ (15) උදෑසනය.

එහිදී පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු  ඇතුළුව 72ක්  යානය තුළ ගමන් ගනිමින්  සිට තිබේ.

අනතුරට පත් වූ ගුවන් මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.