.webp)
COLOMBO ( News 1st ) – නිදහස් ජනතා සන්ධානයේ ජාතික විධායක සභාව අද(16) රැස්වෙයි.
හෙලිකොප්ටරය ලකුණු යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන එම සන්ධානයට පක්ෂ 12ක් සහ හවුල්කාර සංවිධාන රැසක් අයත් ය.
නාම යෝජනා සැකසීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බව, නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ ය.
මේ අතර, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 54ක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඇතැයි එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කළේ ය.