.webp)
COLOMBO (News 1st) – වැල්ලම්පිටිය, ලන්සියාවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
ජීවිතක්ෂයට පත්වූ 61 හැවිරිදි කාන්තාව ලන්සියාවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිකාරියකි.
මියගිය කාන්තාව සමග ජීවත් වූ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාව විසින් මෙම ඝාතනය සිදුකර මුදල් සහ රත්‍රං භාණ්ඩ ද සොරාගෙන ඇති බවට පොලීසය සැක පල කරයි.
සැකකාර කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඇය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඝාතනය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.