යාපනයේ විරෝධතාවක් විසුරුවා හැරීමට ජල ප්‍රහාර..

යාපනයේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්‍රහාර..

by Staff writer 15-01-2023 | 4:39 PM

COLOMBO ( News 1st ) – යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ. 

අප වාර්තාකරු සඳහන් කළේ, අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ඉල්ලමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වූ බවය.

සිවිල් සංවිධාන සාමාජිකයින් සහ අතුරදන්වූවන්ගේ ඥාතීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ. 

මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට විශේෂ ආරක්ෂාවක් සහ මාර්ග බාධක ද යොදවා ඇති බව පොලීසිය පවසයි.