නේපාල ගුවන් යානයක් කඩා වැටෙයි

පුද්ගලයින් 72ක් රැගත් නේපාල ගුවන් යානයක් කඩා වැටෙයි

by Staff writer 15-01-2023 | 12:05 PM

COLOMBO ( News 1st ) - පුද්ගලයින් 72 දෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. 

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කත්මන්ඩු සිට පොකාරා නගරය වෙත පියාසර කරමින් තිබු  ගුවන් යානයකි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොකාරා ගුවන්තොටුපොළට ගොඩබෑමට කිලෝමීටර් 2ක් පමණ ආසන්නව තිබිය දී අනතුර සිදු වී ඇති බව ය.

විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.