උ/පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලැබෙයි ද?

උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හෙට

by Staff writer 15-01-2023 | 2:19 PM

COLOMBO ( News 1st ) - උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව හෙට (16)  විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සහ විභාගයට පෙර අඛණ්ඩව විදුලිය ලබා දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ය.

ඒ අනුව හෙට (16)  පැවැත්වෙන සාකච්ඡාවේ දී ඒ පිළිබඳව  අවසන් තීරණයකට එළැඹෙන බව, ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ ද, නිර්දේශ ලබාගැනීමට නියමිතයි.