.webp)
COLOMBO ( News 1st ) – ඉන්දියානු නාවික හමුදාවට අයත් INS දිල්ලි නෞකාව අද(15) පෙරවරුවේ නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිළිගත්තේ, නාවික හමුදා සම්ප්‍රදායානුකුලවයි.
ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ ඩෙස්ට්‍රෝයර් වර්ගයේ යුධ නෞකාවක් වන මෙය දිගින් මීටර් 163.2 කි.
390ක නැව් මුළුවකින් සමත්විත මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ෂිරාස් හුසේන් අසාද් කටයුතු කරනු ලබයි.
නෞකාවේ අණදෙන නිලධාරී සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරුන් අතර හමුවක් හෙට(14) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිත ය.
INS දිල්ලි නෞකාව සිය නිල සංචාරය නිම කරමින් ලබන 17 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.