.webp)

COLOMBO (News 1st) – ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ වැටලිමකදී සිය භාරයට ගත් ගංජා රැගෙන විත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරවරයාට ලබාදීම සම්බන්ධයෙන් ය.
සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට නියෝග කළේ ය.
මේ අතර, ගංජා සමග අත්අඩංගුවට ගනු ලැබූ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
