නිදහස් සහ සාධාරණ මැතිවරණයකට සහය දෙන්න මැතිවරණ කොමිසම ආණ්ඩුව, දේශපාලන පක්ෂ සහ පුරවැසියන්ගෙන් ඉල්ලයි..

නිදහස් සහ සාධාරණ මැතිවරණයකට සහය දෙන්න මැතිවරණ කොමිසම ආණ්ඩුව, දේශපාලන පක්ෂ සහ පුරවැසියන්ගෙන් ඉල්ලයි..

නිදහස් සහ සාධාරණ මැතිවරණයකට සහය දෙන්න මැතිවරණ කොමිසම ආණ්ඩුව, දේශපාලන පක්ෂ සහ පුරවැසියන්ගෙන් ඉල්ලයි..

කර්තෘ Staff writer

15 Jan, 2023 | 7:34 am

COLOMBO ( News 1st ) – නිදහස් සහ සාධාරණ ලෙස මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුව, දේශපාලන පක්ෂ, පුරවැසියන් ඇතුළු සියළු පාර්ශ්ව වලින් ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ ,නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ඇතැම් පාර්ශ්ව මැතිවරණය පැවැත්වීමට බාධා වන ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග වල නිරත වු බව සිය නිරීක්ෂණයට ලක්ව ඇති බව ය.

ඇතැම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මැතිවරණය සම්බන්ධයෙන් සිදු කළ විකෘති ප්‍රකාශ, ඇප තැන්පත් භාර ගැනීම අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ ලිපිය මෙන්ම මැතිවරණ කොමිසම සහ පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අසත්‍ය තොරතුරු වාර්තා කිරීම ඇතුළු සිදුවීම් ඒ අතර වන බව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි ප්‍රකාශ මෙන්ම ගැටලු මතු කිරීම, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බව ය.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ,ඒ පිළිබඳව සැළකිලිමත් වෙමින් මැතිවරණය නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන්නැයි සියළු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]