.webp)
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.
මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.
2024 වසරේ එම තත්ත්වය වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බව ද ජනාධිපතිවරයාගේ විශ්වාසයය වේ.
ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බවත් , කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ අතර මෙම අවස්ථාවේ ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පමණක් බව පැවසු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, වැටී ඇති රට ගොඩගැනීමට තමා උත්සහ කරන බව ය.
ලබන 19 වැනිදා මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා පවත්වන බව පැවසූ ජනාධිපතිවරයා චීන එක්සිම් බැංකුව සමග ද සාකච්ඡා පවත්වා ඇතැයි එහිදී අනාවරණය කළේ ය.
රටේ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ මෙම හමුවට රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.