කොළඹ නගරාධිපති අපේක්ෂත්වය මුජිබර්ට

සජබ කොළඹ නගරාධිපති අපේක්ෂත්වය මුජිබර් රහුමාන්ට

by Staff writer 14-01-2023 | 9:50 PM

COLOMBO ( News 1st ) - සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කිරිමට අද (14) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. 

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීන්දුවෙන් යුතුව අද (14) දිනයේ දී කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා පත් කෙරෙන බවය.

සමගි ජන බලවේගයේ තුනෙන් දෙකක බලයක් සහිතව කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් මෙම තෝරා ගැනීම සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.