ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ලොව පළමු 19න් පහළ බාලිකා 20යි 20 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

by Staff writer 14-01-2023 | 9:42 PM

COLOMBO ( News 1st ) - ලොව පළමු වරට පවත්වනු ලබන අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන තරගාවලියේ  සහභාගී වූ පළමු තරගයම ජය ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම අද (14)  සමත් විය.

ඒ, අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිවයි.

බෙනෝනිහි පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේ ය. 

නියමිත පන්දුවාර 20 අවසනායේ ඔවුන්ට කඩුලු 9ක රැස් කිීමට හැකිවූයේ  ලකුණු 96 පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙව්මි විහංගා ලකුණු 11කට කඩුලු 3යි.

ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා බාලිකා කණ්ඩාම පන්දුවාර 19ක් අවසානයේ ලකුණු 100ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 34යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන මීළඟ තරගය ලබන 16 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.