කෝටි 11කට අධික රන් බඩු සමග කතක් රේගු භාරයට

රුපියල් කෝටි 11ක ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

by Staff writer 14-01-2023 | 3:44 PM

COLOMBO ( News 1st ) - රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. 

රේගුව පැවසුවේ, මෙම කාන්තාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉන්දියාවේ චෙන්නායි හරහා අද (14) අලුයම දිවයිනට පැමිණි බව ය. 

අදාළ කාන්තාවගේ ගමන් බෑගයේ සුක්ෂම ලෙස සඟවා තිබූ කැරට් 24 මාල, මුදු සහ වළළු මෙන්ම කැරට් 24 රත්තරන් තහඩු 27 ක් සහ ද්‍රව රත්තරන් අඩංගු කැප්සුල් 8 ක් ද සොයාගෙන තිබේ. 

සොයා ගත් රත්‍රං ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 4 යි ග්‍රැම් 892 කි.

අත්අඩංගුවට ගත් කාන්තාව ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිදිරි කාන්තාවක් වන අතර මේ සම්බන්ධ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ ය.