සංචාරකයින්ට යළිත් කොවිඩ් මාර්ගෝපදේශ

මෙරටට එන සංචාරකයින්ට යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කෙරේ..

by Staff writer 14-01-2023 | 6:59 AM

COLOMBO (News 1st) –  මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ඒ යටතේ, මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සතුව ඩිජිටල් එන්නත් කාඩ්පත තිබිය යුතුයි.

එසේ නොමැති සංචාරකයින් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ, රට තුළ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

මෙම නව මාර්ගෝපදේශ අද(14) සිට බලාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.