.webp)
COLOMBO (News 1st) – චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලද පාසල් නිළ ඇඳුම් රෙදි තොගයක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිළ වශයෙන් භාරදී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මෙරට වැඩබලන චීන තානාපතිවරයා විසින් කොළඹ වරාය පරිශ්‍රයේදී මෙම පාසල් නිළ ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍යවරයාට භාරදුන් බවයි.
රෙදි මීටර් අසූ අට ලක්ෂ හැට දෙදහස් නවසිය අනූවක් එලෙස භාරදී තිබේ.
එය මේ වසරේ පාසල් නිළ ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 70% ක් බවද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
නිල ඇදුම් රෙදි සිසුන්ට සෘජුව ලබාදිය හැකි පරිදි කපා අසුරා ලේබල් කර තිබීම ද මෙහි ඇති විශේෂත්වයක් වෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මාර්තු 20 වැනිදා වනවිට දිවයින පුරා රජයේ පාසල් හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41 ක් වූ සිසු දරුවන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙත නිල ඇදුම් රෙදි ලබාදීමට කටයුතු කරන බවයි.