අහුංගල්ලෙන් ක්ලේමෝ බෝම්බයක් සොයා ගනී..

අහුංගල්ලෙන් ක්ලේමෝ බෝම්බයක් සොයා ගනී..

by Staff writer 14-01-2023 | 12:14 PM

COLOMBO ( News 1st ) - අහුංගල්ල, සුමංගල මාවත, මරදාන වත්තේ තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ලද තොරතුරක් අනුව ඊයේ (13) පස්වරුවේ එම බෝම්බය සොයාගත් බව  ය.

පොලීසිය සැක පළ කරන්නේ, කිසියම් පුද්ගලයෙකු එම බෝම්බය රැගෙන විත් දමන්නට ඇති බවය.