චීන උප අමාත්‍යවරයෙකු ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිසක් දිවයිනට

චීන උප අමාත්‍යවරයෙකු ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිසක් දිවයිනට

චීන උප අමාත්‍යවරයෙකු ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිසක් දිවයිනට

කර්තෘ Staff writer

14 Jan, 2023 | 12:32 pm

COLOMBO (News 1st) –  චීන කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තුමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ මහතා ඇතුළු චීන ඉහළ පෙළේ ධූත පිරිසක් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ ය. 

මෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනවාරි 14 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

මෙම නියෝජිත පිරිස හෙට හොරණ පන්නිල ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් සඳහා අමෙරිකානු ඩොලර් 60,000ක් වටිනා පාසල් අවශ්‍යතා සහ ආහාර ඇසුරුම් පරිත්‍යාග කිරීමට නියමිතය.

මේ අතර ඉන්දියානු විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ලබන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතය.

එම සංචාරය සිදුවන්නේ ජනවාරි 19-20 දිනවලයි.

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9ක ජාමූඅ පැකේජය ලබා ගැනීමට මෙම සංචාරයන් ඉතා වැදගත් බව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කරයි. 

චීනය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් තුන්දෙනා වන අතර ආර්ථික අර්බුධයෙන් ගොඩඒම සඳහා ඔවුන්ගේ සහයෝගීතාව ඉතා වැදගත් බවද අදාළ වාර්තාවල සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]