බංග්ලාදේශ ණය පියවීමට මාස 06 ක සහනයක්..

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගෙන ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

by Staff writer 13-01-2023 | 3:49 PM

COLOMBO ( News 1st )  -ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස 06 ක කාලයක් ලබා දීමට බංග්ලාදේශ මහ බැංකුව තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකාව ලබා ගත් එම ණය මුදල ලබන මාර්තු මස ගෙවීමට නියමිතව තිබූ අතර මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය ගෙවා දැමීමට බංග්ලාදේශය සැප්තැම්බර් මස දක්වා කල් ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් ය.