.webp)

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කාර්යාල සේවා දුම්රිය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණින් කෙටි දුර සේවා දුම්රිය ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කල බව ය.
අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව පැහැදිලි කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේ, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 18ක්, පුත්තලම් ගමන් මාර්ගයේ දුම්රිය ගමන් වාර 02ක් හා මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 08 ක් ලෙස අවලංගු කෙරෙන බවය.
