රෂීඩ් ඛාන්ගෙන් දැඩි ප්‍රකාශයක්

රෂීඩ් ඛාන්ගෙන් දැඩි ප්‍රකාශයක්

by Staff writer 13-01-2023 | 2:45 PM

COLOMBO (News 1st) - බිග් බෑෂ් තරගාවලියට ඉදිරියේ දී සහභාගීවීම ගැන තමන් සලකා බලන බව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ තම කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිත වූ එක්දින තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව ඉවත්වීමට ගත් තීරණය මීට හේතු වූ බවයි.

ඇෆ්ගනිස්ථානය හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරග 03ක් ලබන මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ, ඇෆ්ගනිස්ථානයේ දේශපාලන වටපිටාව සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියානු රජයේ උපදෙස් මත ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇති බවයි.

තරගාවලිය පැවැත්වීමට තිබුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

රෂීඩ්  තම සටහනින් පෙන්වා දෙන්නේ, මෑත වකවානුවේ  ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර පිටියේ විශාල ප්‍රගතියක් ලබා සිටින අතර, ඔස්ට්‍රේලියාව තමන් සමගින් ක්‍රීඩා කිරීම  ප්‍රතික්ෂේප කිරිම ගැන කණගාටුවන බවයි.

ඒ අනුව ඉදිරියේ දී ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලියට තම සහභාගීත්වය ගැන සලකා බලන බවත් ඔහු පෙන්වා දෙනවා.

බොහෝ කලක පටන් Adelaide Strikers කණ්ඩායම නියෝජනය කරන රෂීඩ්, එම ප්‍රදේශයේ ජනප්‍රිය ක්‍රීඩකයෙකු ද වනවා.

20-20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව රෂීඩ් ඛාන් පෙරමුණේ පසුවේ.