ගොයම් කහ වුණේ පොහොර ගැටලුවකින් ද?

ගොයම් කහ වුණේ පොහොර ගැටලුවකින් දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

by Staff writer 13-01-2023 | 7:09 AM

COLOMBO (News 1st) –  ප්‍රදේශ රැසක ගොයම් කහ පැහැ වූයේ පොහොර ගැටලුවක් හේතුවෙන් දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 

බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ කුඹුරුවලින් පස් සාම්පල ලබා ගෙන ඇති බවයි.

ගොයම් කහ පැහැ වීමට හේතු වූ ප්‍රධාන කරුණු 4ක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවද ඔහු පැවසුවේ ය.

ගොයම් කහ පැහැ වූ ප්‍රදේශ පිළිබඳව ද බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා පැහැදිලි කිරීමක් කළේ ය.

ජයන්ත සේනානායක මහතා ගොවීන්ගේ ඉල්ලා සිටින්නේ , තම කුඹුරේ ගොයම කහ පැහැ වී ඇත්නම් කඩිනමින් ප්‍රදේශයේ කෘෂිකර්ම හා ගොවිජන සහකාරවරයාට දැනුම් දෙන ලෙසයි.