English
தமிழ்
කර්තෘ Staff writer
13 Jan, 2023 | 11:27 am
ඒ, මැතිවරණය පැවැත්වීම වළක්වන්නැයි විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා ගොනුකර තිබූ පෙත්සම අද(13) සළකා බැලූ අවස්ථාවේදී ය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකරනු ලබන සංවිධානාත්මක කටයුතු බලරහිත කරන රීට් ආඥාවක් මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින්ට නිකුත් කරන්නැයි ඉල්ලමින් පෙත්සම ගොනුකර තිබුණි.
මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ , මේ වනවිට සැලසුම් කර ඇති පරිදි නිසි කලට වේලාවට මැතිවරණය පවත්වන බවයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩුව අද කැඳවනු ලැබුවේ ය.
පෙත්සමට සංශෝධන කිහිපයක් එක් කිරීමට නියමිත බව, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම කරුණට අදාළව ගොනුකර ඇති තවත් පෙත්සමක් ලබන 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බැවින් මෙම පෙත්සම ද එදිනට කැඳවීමට නියම කරන්නැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව පෙත්සම ලබන 18 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඬුල්ල නියම කළේ ය.
01 Jun, 2023 | 03:59 PM
01 Jun, 2023 | 03:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS