.webp)
නමුත් ඔහු පෙන්වා දෙන්නේ එය අනෙකුත් පාර්ශ්වයන් මත තීරණය වන්නක් බව ය.
මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය කපා හැරීමක් කඩිනමින් සිදුකරන ලෙස ඉන්දියාවෙන් හා චීනයෙන් ඉල්ලීමක් කර ඇති බව ද මහබැංකු අධිපතිවරයා BBC News light වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ය.
ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අදාළ පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ යුතුව ඇති බව ය.
එය දෙපාර්ශ්වයටම යහපත් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අදහස වී තිබේ.
මේ අයුරින් කැපවීම් දිගින් දිගටම මගහැරීමට අවස්ථාවක් නොමැති බව පෙන්වා දී ඇති ඔහු අවධාරණය කර ඇත්තේ එය ආයෝජක විශ්වාසය පළුදු කරන්නක් බව ය.
මේ අතර BBC News light වැඩසටහන සමග අදහස් දක්වා ඇති අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසා ඇත්තේ චීනය තවදුරටත් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ කටයුතු ප්‍රමාද නොකළ යුතු බව ය.
එය ශ්‍රී ලංකාවට අයහපත් කරුණක් බවත්, ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන්වත් චීනය මෙම ක්‍රියාව කළ යුතු බවත් ඇය ප්‍රකාශ කර තිබේ.