.webp)
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය,අශෝක ප්‍රියන්ත මහතා,
ඒ අදාළ කටයුතු සඳහා මිලියන 575ක විතර විශාල ඇස්තමෙන්තුවක් අපිට ලැබුණා. අපි මේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව මෙතනට ගේන්න පෙර මං හිතනවා ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් රැස්වීම් වාර අඩුම තරමේ විස්සකට විසි පහකට එහා පවත්වලා තියෙනවා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් විදිහට මිලියන පන්සිය හැත්තෑ පහක් වූ ඇස්තමේන්තුව එහෙම නැත්නම් වියදම ගණනය කිරීම අපි මේ වෙද්දි මිලියන 200 ක වගේ ප්‍රමාණයකට එ කියන්නෙ අත්‍යවශ්‍ය කළ යුතු සහ උපරිම අවම වියදම් බවට මිලියන දෙසීයක් දැනට ගෙනත් තියෙනවා. මේ මිලියන දෙසියත් අමතරව එහෙම නැත්තම් වැඩිපුර තැන්කින් ගන්න ඒවා නෙවෙයි රාජ්‍ය අමාත්‍යාංශ වල විෂය පථයන් වලින් අමාත්‍යාංශවලට පැවරිලා තියෙන විෂයනුත් ඒ වගේම රාජ්‍ය නොවන පුද්ගලික අංශයෙන් යම් යම් ආධාර උපකාර සහ කැමැත්තෙන් සම්පත් දායිකයින් සහ අනුග්‍රහ භවතුන්ගෙන් ලබාගත්තු ආධාර මත තමයි මිලියන 200 කට මෙම අභිමානවත් 75 වෙනි නිදහස් උත්සවය සමරන්න සූදානම් වෙලා තියෙන්නේ
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,
නමෝ නමෝ මාතා සියවසකට පියවරක් යන තෙමාව යටතේ මෙම සැමරුම පැවැත්විමට රජය සූදානම් වෙනවා. ඒ අනුව ආගමික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් පෙබරවාරි මස 2වන දින ආරම්භ කරමින් මෙම ජාතික වැඩසටහන ආරම්භ කිරිමට රජය සැලසුම් සකස් කර තිබෙනවා. මේ වසර අපි ඉදිරි වසර 25 සදහා ඉලක්ක ගත වැඩපිලිවලක් යටතේ මේ කටයුතු සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් කලට, ජනාදිපතිගෙන් ජනාදිපතිට, ආන්ඩුවෙන් ආන්ඩුවට, ඇමතිගෙන් ඇමතිට වෙනස් වන මාරු වන ප්‍රතිපත්ති වෙනුවට ඉදිරි වසර 25 සදහා ඉලක්ක ගත ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරිම මූලික අරමුණක් විදියට අපි කටයුතු කරනවා.