ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි

by Staff writer 12-01-2023 | 12:55 PM

COLOMBO (News 1st) - කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව පෙබරවාරි 23 වැනි දා දක්වා කල් දමා තිබේ.

ඒ, එම නඩුව අද (12) ඔස්ට්‍රේලියාවේ ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේදී කැඳවූ අවස්ථාවේදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පොලීසියට සාක්ෂි සටහන් සම්පූර්ණ කිරීමට කාලය ලබා දෙමින් මෙලෙස නඩුව කල් දමා ඇති බවයි.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී ධනුෂ්ක ගුණතිලක සැකපිට අත්අඩංගුවට ගැනුණා.

ඒ, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මතයි.