.webp)
කොල්කටා හී ඊඩ්න් ගාඩ්න්ස් ක්රීඩාංගණයේ දී පැවැත්වෙන තරගය ආරම්භයට පෙර සීනුව නාද කරනු ලැබූවේ, හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක කුමාර් සංගක්කාර විසිනි.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්රනාන්දු දැවී ගියේ ලකුණු 20කදී ය.
කුසල් මෙන්ඩිස් සහ නුවනිදු ප්රනාන්දු අතර දෙවන කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 73ක් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස් කිරීමට සමත් විය.
අද (12) එක් දින වරම් දිනූ නුවනිදු ප්රනාන්දු මංගල එක් දින අර්ධ ශතකය ලබා ගත්තේ 4 පහර 6ක් ද සමගිනි.
චරිත් අසලංක ලකුණු 15කට දැවී ගිය අතර වනිදු හසරංග ලකුණු 21 රැස් කළේ ය.
ලකුණු 152ක දී ශ්රී ලංකා මුල් පෙළ කඩුලු 7 බිඳ වැටුණි.
කුල්දීප් යාදව් සහ මොහොහඩ් සිරාජ් කඩුලු බැගින් දවා ගැනීමට සමත් වූ අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 215ක් රැස් කළේ ය.
පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 6ක් දැවී සිටියදී ය.
ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 41කදී බිඳ වැටුණු අතර නායක රෝහිත් ශර්මා ලකුණු 17කට දැවී ගියේ ය.
මේ අතර අතර විරාත් කෝලි ලකුණු 4ක් රැස් කිරීමට සමත් වූ අතර හර්ඩික් පාන්ඩ්යා ලකුණු 36ක් රැස් කළේ ය.
ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ අනුව තරග 2 - 0ක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන් ය.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන සහ අවසන් එක්දින ක්රිකට් තරගය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතය.