ජනවාරි 15 වැනිදා සිට විදුලිය ගාස්තු වැඩිකෙරේ...

ජනවාරි 15 වැනිදා සිට විදුලිය ගාස්තු වැඩිකෙරේ...

by Staff writer 12-01-2023 | 7:30 PM

COLOMBO ( News 1st ) - කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව ජනවාරි 15 වැනිදා සිට විදුලිය ගාස්තු වැඩිකර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අද(12) ප්‍රකාශ කළේ ය. 

එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ, මාසයකින් මේ වැඩි කළ ගාස්තු අයකිරීම පිළිබඳ දත්ත මහජන උපයෝගීතා කොමිසමට ලබාදීමට පියවර ගන්නා බවයි.


''සකස් කරපු අය ක්‍රමය තමයි කැබිනට් මණ්ඩලය දැන් අනුමත කරලා තියෙන්නේ මාසෙක කාලපරිච්ඡේදයකට.ඊට පස්සේ අපි කළේ අපේ සියලු දත්ත දෙන්න ඕන මහජන උපයෝගීතා කොමිසමට.මේ සියලු දත්ත දීලා තියෙන්නේ දැන්. ඒ දත්ත දුන්නාට පස්සේ ඒ දත්ත ඒගොල්ලො පරික්ෂා කරලා අඩුපාඩුවක් තියෙනවා නම් හරි අපිත් එක්ක සාකච්ඡා කරලා මොනවා හරි තියනව නම් මහජන උපයෝගිතා කොමිසමට පුළුවන් ඒ පිළිබඳව තවත් පරිශීලනය කරල පරික්ෂා කරල පෙබරවාරි 15 වෙද්දී, මහජන උපයෝගීතා කොමිසම කියන්න ඕන මෙන්න මේවා තමයි අය ක්‍රමය කියලා. යම්කිසි හේතුවක් නිසා එය ක්‍රමය අඩු උනොත් අපි ආපහු ජනවාරි පළවෙනිදා ඉඳන් අඩු කරල වෙනස් කරනවා. ''

 
කැබිනට් අනුමැතිය ලැබුණු යෝජනාවට අනුව ජනවාරි 15 වනදා සිට ගෘහස්ත විදුලි ඒකක සඳහා වන ස්ථාවර ගාස්තු ද ඉහළ දමා තිබේ. 

ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා, රුපියල් 120 ක් ව පැවති ස්ථාවර ගාස්තුව, රුපියල් 400 දක්වා වැඩිවනු ඇති.

ඒකක 31 සිට 60 දක්වා රුපියල් 240 ක්වූ ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් දක්වා වැඩි වෙයි. 

ඒකක 60 සිට 90 සහ ඒකක 90 සිට 180 දක්වා පැවති ස්ථාවර ගාස්තු පිලිවෙලින්, රුපියල් 650 සහ 1500 දක්වා වැඩි වනු ඇති.

ඒකක 180 ට එහා රුපියල් 1500 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2000 ක්වා වැඩි වන අතර, පූජනීය ස්ථාන‍ සඳහා වන ස්ථවර ගාස්තුද වෙනස් වෙයි. 

මේ පූජනීය ස්ථාන සදහා අයකිරීමට යන ස්ථාවර ගාස්තු.

 ඒකක 0-30 = 90rs = 400 rs
ඒකක 31 -90 = 120rs = 550rs
ඒකක 90-120 = 120 = 650rs
ඒකක 120 - 180 = 450 = 1500rs

 
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා 
 
''අලුතෙන් යෝජනා කරලා තියෙන අය ක්‍රමය යටතේ, රුපියල් 214 කියන එක 753 දක්වා වැඩි වෙනවා. 677 දැන් තියෙන එක මේ අය ක්‍රමය යටතේ 2178 දක්වා වැඩි වෙනවා. මේක අපි සකස් කරල තියෙනවා කොයි විදිහටද කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා. මේ අපි කිව්වේ ගෘහස්ථ අය ක්‍රමය යටතේ. indastrial එක ගත්තොත් වැඩිවීම, දැනට රුපියල් විස්සක් තියෙන ඒකකයක් kva 42 ට වඩා අඩු රුපියල් විස්සක් විතර තියෙන ඒකකයක් 26 දක්වා වැඩි වෙනවා. දිවා කාලයේ 34.50 ට තියෙන එක 40 දක්වා වැඩි වෙනවා ඒ නිසා කර්මාන්ත අංශයට වැඩි වීම ගොඩක් අඩුයි. 48.42  වගේ ප්‍රමාණයක cost එක මේ වසරේ. මේ වසරේ අය ක්‍රමය වෙනස් නො කළොත් අපේ ආදායම එන්නේ unit එකකට 29.14 යි. ඕක තමයි පරතරය ඔය විදිහට විශාල පරතරයක් තියෙනවා. ''

ගාස්තු වැඩි නොකළොත් බරපතල අර්බුදයක් ඇතිවන බවද විදුලි බල මණ්ඩලය පවසයි. 
 
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එන්.එස්. ඉලංගකෝන් මහතා , 

''ගල් අඟුරුවලට මුදල් ගෙවීම සඳහා දැඩි මූල්‍ය අර්බුදයක් තියෙනවා. මේ දවස් වෙනකොට විදුලිබල මණ්ඩලයේ තියෙන බෙදාහැරීමේ කොටස් හතරම අපේ සමහර නිලධාරීන් විධායක ශ්‍රේණියේ නිලධාරීන් මැද ඉන්න නිලධාරීන් තමන්ගෙ අතේ සල්ලිවලින් ඩීසල් breakdown vehicleවලට ගහල තියෙනවා. දවස් හය හතක් තුළ එක division එකකට සල්ලි දීල නෑ. ඇයි ගල් අඟුරුවලට මුදල් ගෙවන්න අවශ්‍යයි. ඊයෙ වෙනකොට ගල් අගුරු නැවක් පාක් කරලා තිබුණා දවසක් වෙනකන් නොරොච්චෝලේ අපිට මුදල් කරගන්න බැරුව අන්ලෝඩ් කරගන්න බැරි වුණා. සීපීසී එකට, සීපීසී එක දැනුවත් කරලා තියනවා අත්පිට මුදලට නැත්තං තෙල් දෙන්නෙ නෑ කියලා. අපිට මෙච්චර කාලයක් වෙනකන් ආණ්ඩුව රජය විසින් යම් මුදලක් ලබා දෙන්න හැකියාව තිබුණා. ජනවාරි පළවෙනිදා ඉඳන් අපිව දැනුවත් කරලා තියෙනවා සපයා ගත් දෙන්නෙ නෑ කියලා ආණ්ඩුව විසින් තනියම අපි කරන්න ඕනේ කියන එක. අලාබෙට යුනිට් එකක් විකුණලා විකුණලා දිගටම ගිහිල්ලා, අපිට සිද්ධ වුණොත් විදුලිබල මණ්ඩලය විදිහට රටේ මහජනතාව ඔබතුමා, අපිත් ඇතුළුව විශාල අර්බුදයකට මෑතකදී යොමු වෙනවා මේ කටයුත්ත සිද්ධ වුණේ නැත්නම්. හානිදායක නොවන උපරිම හානිදායක නොවන ආකාරයට කරන්න පුළුවන් මිල වැඩි කිරීම තමයි අපි කරල තියෙන්නෙ. ''