විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා

ජනපති උපදෙස් මත විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා

by Staff writer 12-01-2023 | 6:29 PM

COLOMBO ( News 1st )  -  මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර ඇති දන්ත ධාතූන් වහන්සේ සියලු ලෝකවාසී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට  ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීරණය කර තිබේ.

ඒ අනුව, එළැඹෙන මාර්තු 04 වැනිදා ලක්වාසී මෙන්ම ලෝකවාසී ජනතාව වෙනුවෙන් උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනයට තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

ඒ බව ඔහු සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.