.webp)
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිසි පරිදි ලබා දිය නොහැකි බවට විවිධ මත පලවීම් සම්බන්ධයෙන් විමසිම සඳහා මහා භාණ්ඩාගාර නිලධාරීන් ඊයේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා විමසීමක් කළ බවයි.
මැතිවරණය යනු ව්‍යවස්ථාපිත කටයුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් නියමිත පරිදි කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව නිලධාරීන් එහිදී දැනුම් දී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ද සහභාගි වී තිබේ.