චීනය උදව් කරන්නේ කිසිදු යටි අරමුණකින් නෙවෙයි

චීනය ශ්‍රී ලංකාවට උදව් කරන්නේ කිසිදු යටි අරමුණකින් නෙවෙයි - වැඩබලන චීන තානාපති

by Staff writer 12-01-2023 | 9:49 PM

COLOMBO ( News 1st ) - චීනය ශ්‍රී ලංකාවට අධාර උපකාර කිරීමේ කිසිදු යටි අරමුණක් නොමැති බව වැඩබලන චීන  තානාපති හූ වෙයි මහතා පවසයි.

ඔහු මේ බව අද(12) ප්‍රකාශ කළේ, මහනුවරදීය.

චීන බෞද්ධ සංගමය අද මහනුවර, පාතදුම්බර හා අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අඩු ආදායම් ලාභී පවුල් 1600 කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නේය.

වැඩ බලන චීන  තානාපති හූ වෙයි මහතා, 

චීන රජය පහුගිය අවුරුද්දේ බිලියන 900 ක් වගේ චීන මුදල් ලංකාවේ රජයට හා මහජනතාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ වගේම මෙට්‍රික් ටොන් 10000 ක සහල් හා මෙට්‍රික් ටොන් 9000 ක ඩීසල් පරිත්‍යාග කළා. පාසල් දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් පරිත්‍යාග කර තිබෙනවා. චීනයේ විහාරස්ථාන හා ජනතාව ඊට ආධාර ලබා දුන්නා. හෙට ඔබට මුහුණ දීමට සිදුවන කුමන දුෂ්කරතා වුවත් ඔබට කල්‍යාණ මිත්‍රයෙක්  ඉන්නවා. ඒ තමයි චීනය මට එක් අවස්ථාවක ලාංකිකයෙක් ප්‍රශ්නයක් යොමු කළා. ඇයි මේ තරම් ලංකාවට උදවු කරන්නේ, ඒ වෙනුවෙන් මොනවද ඔබ බලාපොරොත්තුවෙන්නේ යටි අරමුණ මොකක්ද කියලා. මම ඔහුට කිව්වා, අන් අයට උදව් උපකාර කර ලබන සතුට තරම් දෙයක් චීනයට තවත් නැහැ කියලා. චීනය ලාංකිකයින්ට උදව් කිරීමෙන් ලබන්නේ සතුට පමණයි.